සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 408ක් රැස් කළ අතර, ඉන්දියාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 245ක් පමණි. එමෙන්ම ඔවුන් දෙවැනි ඉනිමට රැස් කළේ ලකුණු 131ක් පමණි. ඒ අනුව ඉනිමක සහ ලකුණු 32ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය.