ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගය ලකුණු 243කින් ජයගැනීමට ‍ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 326කි. එහි දී විරාත් කෝලි සිය 49වන ශතකය රැස් කරගැනීමටයි සමත් වූ අතර Shreyas Iyer ලකුණු 77ක් රැස් කළේය.

පන්දු යැවීමේදී Lungi Ngidi, Marco Jansen, Kagiso Rabada, Keshav Maharaj සහ Tabraiz Shamsi එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 327ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 27.1ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 83ක් පමණි.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33කට කඩුලු 05ක් දවා ගත්තේය. තරගයේ වීරයාට හිමි සම්මානය විරාත් කෝලිට හිමි විය.