ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි අංක එකේ ක්‍රීඩක මැග්නස් කාල්සන් මීට සුළු හොහොතකට පෙර සිය වෘත්තීය දිවියේ පළමු FIDE චෙස් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ඔහු අවසන් මහා තරගයේදී 18හැවිරිදි ඉන්දියාවේ ප්‍රාග් ප්‍රඤ්ඤානන්ද පරාජය කළේය. මෙම ක්‍රීඩකයන් දෙදෙනා ඊයේ සහ පෙරේදා දිනවලදී එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව අවසන් අවසන් කළේය. කෙසේ නමුත් අද දිනයේ tiebreaker අවස්ථාවේදී 1.5-0.5 ක් ලෙස ඉන්දීයාවේ ප්‍රඤ්ඤානන්ද පරාජය විය.

ලෝක කුසලානය අතරතුර 18 වැනි වියට පා තැබූ ප්‍රාග් ප්‍රඤ්ඤානන්ද, මෙතෙක් ලෝක කුසලාන අවසන් තරගයට පැමිණි ලාබාලතම ක්‍රීඩකයා විය. ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි 31වැනි ස්ථානයේ පසුවන ප්‍රාග් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම්හි පහළම සිටි ක්‍රීඩකයාද වේ