නිපා වෛරසය ආසාදිතව සිටි කේරල ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මියගිය බව ඉන්දීය සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් කුඩා දරුවකු ඇතුළු රෝගීන් කිහිපදෙනෙකු හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බව ද සඳහන් වේ.

නිපා වෛරස් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූ 700 කට වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයින් දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

කේරල ප්‍රාන්තයේ පාසල් කිහිපයක් ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සහ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කර තිබෙන බවද රට මාධ්‍ය වාර්තා කර ඇත.

2018 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ මාරාන්තික නිපා වෛරසය පැතිර යන 04 වන අවස්ථාව මෙය බව සඳහන් වේ.

2018 වසරේ කේරල ප්‍රාන්තයේ නිපා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් දෙනෙකුම මිය ගොස් තිබේ.