ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තවත් 20-25 පමණ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටිතැයි අනුමාන කෙරේ.

අධික වර්ෂාව පවතින අවස්ථාවක මෙම සිද්ධිය සිදුවී තිබුණි.

සංචාරකයින් අතර ප්‍රසිද්ධ සිම්ලා නගරයේ පිහිටි හින්දු කෝවිලක් එසේ කඩාවැටී ඇති අතර ඊට හේතුවී ඇත්තේ නායයාමකිනි.

එම ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පසුගිය පැය 24 තුළ 21 දෙනෙක් මියගොස් තිබේ.