ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කිරීමට සමත් විය. එහිදී විරාට් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් ශතක රැස් කරමින් ඉන්දීය ඉනිම ගොඩනැගීය.

පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 327ක් පමණි.

නවසීලන්තය වෙනුවෙන් ඩරිල් මිචෙල් ලකුණු 134ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමී ලකුණු 57කට කඩුලු 07ක් දවාගත්තේය