සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බසින ලද ලොව පළමු රට බවට පත්විමට අද ඉන්දියාව සමත් විය. ඒ මීට සුලු මොහොතකට පෙර චන්ද්‍රයාන්-3 සද මත ගොඩ බෑමත් සමග සඳ මතට ගිය සිව් වන රට බවට පත්වෙමි​න් ඉන්දියාව එලෙ​ස ඉතිහාසගත විය.

විද්‍යාඥයින් සඳහන් කරන පරිදි මෙම මෙහෙයුමේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ අනාගතයේදී සඳ මත මිනිස් වාසයට සහයක් විය හැකි මිදුනු ජලය සහිත අයිස් සෙවීම බවයි වාර්තා වනුයේ.

මීට පෙරද ඔවු 2019 දී සිය චන්ද්‍රයාන්-2 මෙහෙයුම දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබෑමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර එය සඳ මතුපිට ට කඩා වැටුණි.