සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ. තරග 03කින් සමන්විත මෙම තරගාවලිය දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

මෙහිදී හෙට පැවැත්වෙන පළමු තරගය මොහාලිවලදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය සැප්. 24වැනිදා ඉන්දෝරේහිදීත්, තෙවැනි තරගය සැප්. 27වැනිදා රාජ්කෝට්හිදීත් පැවැත්වේ.

මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට කේ.එල්. රාහුල් නායකත්වය දරන අතර, ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි විවේක ගන්වා තිබේ.