ඉන්දීය කණ්ඩායමේ අයර්ලන්ත තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය තාවකාලිකව වෙනස් කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් ඇතුළු පුහුණුකාර මණ්ඩලයට විවේකයක් ලබාදෙමින් එරට ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී වී.වී.එස්. ලක්ෂ්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීමට නියමිත බව එම වාර්තා පෙන්වා දෙයි.

වී.වී.එස්. ලක්ෂ්මන් පසුගිය වසරේ ඉන්දීය කණ්ඩායම අයර්ලන්ත සංචාරයට එක් වූ අවස්ථාවේද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.