ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අද දිනට නවතා දැමීය.

ඒ අනුව අද තරගයේ ඉතිරි කොටස හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට නියමිතය.

අද තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දුවාර 24.1 අවසානයේ ඉන්දියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 147 රැස් කරගෙන සිටියදී ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැළිණි.

කෙසේ නමුත් ඉන්අනතුරුව තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගයේ ඉතිරි කොටස හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට නියමිතය.