ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගයේ අවම ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල අඩු කර ති‌බේ. ඒ අනුව ක්‍රීඩාංගණයේ තණකොළ සහිත බිම් තීරුවේ ප්‍රවේශ පත්‍රයක මිල රු. 9600 සිට රු. 1500ක් දක්වා පහත හෙලීමට තීරණය කර ඇත. ඒත් සමග ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් අද උදෑසන සිටම මහනුවර බලගොල්ල ප්‍රදේශයේ පෝලිම්වල සිටි බව වාර්තා වේ.

ඉන්දු – පාකිස්තාන තරගය හෙට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.