ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයක විසඳුමකින් තොරව අවසන් විය. ඒ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 266ක් රැස් කළ අතර එහිදී ඉෂන් කිෂන් ලකුණු ලකුණු 82ක් සහ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 87ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ.

පන්දුයැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්‍රිඩි කඩුලු 04ක් බිඳහෙළීය. ඉන්දීය ඉනිමටද විටින් විය වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඉන්දීය ඉනිමෙන් අනතුරුව දැඩි වර්ෂාපතනයක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇදහැළිණි. ඒ හේතුවෙන් නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය විසඳුමකින් තොරව අවසන් විය.