ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පස්වරු 02.00ට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ යම් බලාපොරොත්තුවක් හෝ තබාගැනීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. ඉන්දියාව තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස මෙම තරගයට සහභාගි වේ.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගයකට එක්ව ඇත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය.

ශ්‍රී ලංකාව දැනට තරගාවලියේ තරග 06කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ ‌තරග 02ක් පමණි.

අද තරගයට බොහෝවිට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇත.