සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසා ඇත.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 4 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් 62 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දමා තිබේ.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 ක් වේ.

එමෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දම ඇත.

ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් ඉහළ දැමා තිබේ.

එම මිල ඉහළ දැමීත් සමඟ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 ක් වේ.

චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කර ඇත.

මේ අනුව පැට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල් 6 කින්ද ඔටෝ ඩීසල් ලීටර් 1 මිල රුපියල් 338 සිට 348 දක්වා රුපියල් 10 කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356 සිට 417 දක්වා රුපියල් 61කින්ද වැඩි කෙරේ.

කෙසේ වෙතත් පැට්‍රල් ඔක්ටේන් 92 මිල සංශෝධනය කර නොමැත.