ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දේවස්ථානයට ඇතුළු වු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ ත්‍රස්වාදීන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව සඳහන් වේ.

මේ වන විට ප්‍රහාරය එල්ල වු ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා ඇති අතර නගරයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත.