ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඊයේ (19) එක්ව තිබුණු අතර එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබේ.

මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවයි.

ඉරාන ජනාධිපතිවරයා, ජීවිතුන් අතර සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද විදෙස් වාර්තා සඳහන් කරයි.