අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර තිබේ.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම වන බවය.

මෙය ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායක‍යින්ගේ ද යෝජනාවක් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.