රෆා පිවිසුම හරහා ඊජිප්තුවට සිවිල් වැසියන් 400කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් තිබේ.

පලස්තීන බලධාරීන් පැවසුවේ, විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335දෙනෙකු ඒ අතර වන බව විදෙස් මාධ්‍ය සනදහන් කර ඇත.

ඔවුන් අතර වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ජාතිකයින් ය.

තුවාල ලැබූ සිවිල් වැසියන් 76 දෙනෙකු ද රෆා පිවිසුම හරහා පිටව ගොස් තිබේ.

රෆා පිවිසුම විවෘත කිරීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත.

ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් මේ වනවිට ඊශ්‍රායලයේ මිය ගොස් ඇති සංඛ්‍යාව 1,400 ක් වන අතර ගාසා තීරයේ මිය ගොස් ඇති සංඛ්‍යාව 8,700කට අධික බවද වාර්තා වේ.