පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද තීරණය කර තිබෙන අතර අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා