උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් නව සංචාරක දුම්රියක් අගෝස්තු 4 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඒ අනුව ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා වායුසමනය කරන ලද නව දුම්රිය ධාවනයට එක් කරන බවත් ආපන ශාලා පහසුකම්ද එහි ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

සිකුරාදා රාත්‍රී 10.30 ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය සෙනසුරාදා උදෑසන 6.00 ට කන්කසන්තුරයට ළඟා වන බවත් යළිත් ඉරිදා රාත්‍රී 10.00 ට කන්කසන්තුරයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය සඳුදා උදෑසන 6.00 වන විට කොළඹ කොටුවට ළඟා වන බවද ඔහු පවසා ඇත.

එය අගෝස්තු මාසයේ 18 වනදා සිට දිනපතා ධාවනය වන සංචාරක දුම්රියක් බවට පත්වන බවත් මෙහි ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන් Online ක්‍රමයට ලබාගත හැකියාව පවතියි.

මෙහි පළමු පන්තියේ ආසනයක් එක් දිසාවකට රුපියල් 4000 ක් වන අතර දෙවන පන්තියේ ආසනයක් 3000 ක් සහ තුන්වන පන්තියේ ආසනයක් රුපියල් 2000 ක් වන බව වැඩිදුරටත් සඳහන් වේ.