පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.