අනාගතය වෙනුවෙන් තවත් පරම්පරාවක් බිහි කිරීමේ ප්‍රතිශතය 2.1ක අගයක තිබිය යුතු නමුත් මේ වන විට එය 1.9ක් දක්වා පහළ බැස ඇති බව හෙළි වී ඇත.

එම නිසා තරුණ යුවළක් අලුත් ජනිතයෙක් බිහිනොකරන ප්‍රවණතාවක් ඇති තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පවසා ඇත

දැන් සිට ක්‍රියාත්මක වී දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි නොකළහොත් ඉදිරියේදී ලංකාවට විශාල ශ්‍රම හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

තවත් වසර හතර-පහකින් ආර්ථිකයේ වර්ධනයක් වුවත් මෙම ශ්‍රම හිඟයෙන් රට පීඩාවට පත්වනු ඇතැයි ද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කර ඇත.

උපත් සංඛ්‍යාව වාර්ෂිකව තුන්දාහත් පන්දාහත් අතර සංඛ්‍යාවකින් පහළ වැටෙද්දී මරණ අනුපාතය වැඩි වීමෙන් ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය මේ වනවිට බැරල් හැඩයක් ගෙන ඇතැයි ඔහු පවසා ඇත.