2023 වසර අපොස උසස් පෙළ විභාගය කල්දැමීම සම්බන්ධ නිවේදනය ලබන සතියේදී විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (21) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

නව සංශෝධිත දිනය විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයට පත්කිරීමෙන් පසු විභාගය සඳහා ඉදිරිපත්වීමට අලුතින් අපේක්ෂකයින් සිටීනම් ඔවුනට ඒ සඳහා ඉල්ලුම් කිරීමට කාලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා විභාග කොමසාරිස්ට දැනුම් දෙන්නම් යැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

2023 වසර අපොස උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.