එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 69ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩයාම පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 284ක් රැස් කළේය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ගුර්බාස් ලකුණු 80ක් සහ Ikram Alikhil ලකුණු 58ක් රැස් කළහ. පන්දු යැවීමේ දී අදිල් රශීඩ් කඩුලු 03ක් බිඳ හෙළීය.

අනතුරුව ලකුණු 285ක ඉලක්කයක් හඹයාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40.3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 215ක් පමණි. එහිදී හැරී බෲක් පමණක් පමණක් ලකුණු 66ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මුජීබ් අර් රහුමාන් කඩුලු 03ක් සහ රශීඩ් ඛාන් කඩුලු 03ක් බිඳහෙළීය.