ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගයේ කාසියේ වාසිය් දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණි.

එංගලන්ත ඉනිම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් ලකුණු 43ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 03ක් දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවා ගත්හ.

අනතුරුව ලකුණු 157 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කරමින් එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක නොබිදුනු සබඳතාවක් පැවැත්වීමට පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම සමත් විය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 77ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 65ක් රැස් කළහ.