සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට එංගලන්තයේ ඩර්බි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, පළමු තරගය ජයගත්තේ එංගලන්තයයි. මේ වනවිට තරගාවලියේ තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවන බැවින් අද තරගය දෙපිළටම තීරණාත්මක වේ.

අද තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගතහොත් පළමුවරට එංගලන්තයට එරෙහිව සහ එංගලන්තයේදී විස්සයි-20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකියාව ලැබේ.