2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරග තුනක් අද දිනයේදීත් පැවැත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගන්ස්ථානය අතර, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර සහ පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පුහුණු තරගය අද දිනයේදී පැවැත්වේ. මේ සියලු තරග අද මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගයේදී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා අද පැවැත්වෙන පුහුණූ තරගයට ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වන අතර, ඔහුගේ ආබාධ තත්ත්වය බරපතළ නොවන බවද සකෑන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.

එමෙන්ම පසුගිය ආසියානු කුසලානයේදී ආබාධයකට ලකුවූ මහීෂ් තීක්ෂණ ඉදිරි දින දෙක තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවද වාර්තා විය.