2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ආරම්භ වේ. තරගාවලිය අද සිට නොවැම්බර් 19වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ ක්‍රීඩාංගණ 10කදී දින 46ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම තරගය අද පස්වරු 2.00ට ආරම්භ වේ.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ අනිද්දා (07දා) දකුණු අප්‍රිකාවට එරෙහිවයි. දිල්ලිහිදී එම තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

ෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 19වැනිදා අහ්මදාබාද් හීදී පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් ලෙස නොවැම්බර් 20වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4කි. එනම් රුපියල් කෝටි 129ක පමණ මුදලකි.