2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරග දෙකක් අද දිනයේදීත් පැවැත්වේ. ඉන් එක් තරගයක් බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වෙන අතර, අනෙක් තරගය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වේ.

බංග්ලාදේශය සහ එංගලන්ත තරගය අද පස්වරු 02ට Guwahatiහිදීත්, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය පස්වරු 02ට Thiruvananthapuram ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පුහුණු තරගය හෙට පැවැත්වීමට නියමිතය.