මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා බෙන් ස්ටෝක්ස් එක්කර ගැනීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. බෙන් ස්ටෝක්ස් පසුගිය වසරේදී එක්දින පිටියෙන් සමුගත්තද මෙවර ලෝක කුසලානය සඳහා ස්ටෝක්ස් සිය තීරණය වෙනස් කරනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වේ.

මේ අනුව එංගලන්ත නායක ජෝස් බට්ලර් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා බෙන් ස්ටෝක්ස් සමග සිදුකරනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය 2019 වසරේ පැවැති ලෝක කුසලානය එංලන්තය ජයගත් අතර, එම තරගාවලියේ අවසන් තරගයේ වීරයා බවට පත් වූයේද බෙන් ස්ටෝක්ස්ය.