තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී සිය 50වැනි එක්දින ශතකය වාර්තා කිරීමට විරාට් කෝලි සමත් විය.

ඒ අනුව සචින් ටෙන්ඩුල්කාර් තබා තිබූ එක්දින පිටියේ වැඩිම ශතක (49) වාර්තාව බිඳහෙළීමට විරාට් කෝලිට හැකි විය. කෝලි ශතක 50 රැස් කිරීමට වැයකළේ ඉනිම් 279ක් පමණක් වීමද විශේෂත්වයකි.