ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද දිල්ලිහිදී දකුණු අප්‍රිකානු කණ්‍ඩායමට එරෙහිව පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස ටෙම්බා බවූමා කටයුතු කරයි.

අද තරගයට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ ක්‍රීඩා නොකරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඊයේ ප්‍රකාශ කළේය.

ප.ලි :-

අද තරගය පිළිබඳ Xposure විශ්ලේෂණය වන ‘World Cup Line up’ වැඩසටහන පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

https://fb.watch/nvNsc50qE-/?mibextid=Nif5oz