එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය මෙම මස 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට සමග පැවැත්වේ.

කෙසේ නමුත් මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේදී අනෙක් සියලුම කණ්ඩායම් සමග තරග කිරීමට සිදුවේ. මේ අනුව ශ්‍රී ලංකාවට සමස්ත තරග 09ක් හිමිවේ.

එම තරග 09 ශ්‍රී ලංකා තරග කාලසටහන පහත සඳහන්ය

ඔක්. 07 – දකුණු අප්‍රිකාව සමග නවදිල්ලියේදී
ඔක්. 12 – පාකිස්තානය සමග හයිද්‍රාබාදයේදී
ඔක්. 17 – ඔස්ට්‍රේලියාව සමග ලක්නව්හිදී
ඔක්. 21 – සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම සමග ලක්නව්හිදී
ඔක්. 26 – එංගලන්තය සමග බැංගලෝරයේදී
ඔක්. 30 – ඇෆ්ගනිස්තානය සමග පූනේහිදී
නොවැ. 02 – ඉන්දියාව සමග මුම්බායිහිදී
නොවැ. 06 – බංග්ලාදේශය සමග නවදිල්ලියේදී
නොවැ. 09 – නවසීලන්තය සමග බැංගලෝරයේදී

කවිඳු කාරියවසම්