එමිරේට්ස් ගුවන් සමාගම ඊශ්‍රායලයේ Tel Aviv වෙත සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව නිල වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමෙන් සහ අදාළ බලධාරීන් සමඟ සමීපව සම්බන්ධ වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙන බවයි එම නිවේදනයෙන් දක්වා තිබේ.

අත්හිටුවීමෙන් පීඩාවට පත් වූවන් ආපසු ගෙවීම් සහ අවලංගු කිරීම් සිදු කරවා ගැනීම සඳහා අදාළ යෝජිතයන් සම්බන්ධ කර ගත යුතු බව වාර්තා වේ.