එල්.පී.එල්. තරගාවලියේ අද (02) සහ හෙට (03) දින දෙක විවේක දින ලෙස නම් කර තිබේ. ඒ අනුව නැවත තරග ආරම්භ වන්නේ අනිදදා (04) දිනයේදීය.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අනිද්දා තරග ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව එදින පළමු තරගය ලෙස බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරගය පස්වරු 3.00ටත්, ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය පස්වරු 7.30ටත් පැවැත්වීමට නියමිතය.