දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයක් හිමිකම් කියන එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පවත්වනු ලබන අළුබඳුන ටෙස්ට් තරගාවලිය අදින් ආරම්භ වේ. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට Birmingham ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Ashes urn / Reuters

තරග 05කින් යුත් අළුබඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස Ben Stokes ද, ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා ලෙස Pat Cummins ද කටයුතු කරයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලියට එක්වන්නේ ලෝක ටෙස්ට් ශූරයන් ලෙසයි.

එංගලන්ත සංචිතයට Ben Stokes, Moeen Ali, James Anderson, Jonny Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Josh Tongue, Chris Woakes, Mark Wood ඇතුළත්.
ඔස්ට්‍රේලියානු සංචිතයට Steven Smith, Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Todd Murphy, Matt Renshaw, Mitchell Starc, David Warner ඇතුළත්.

ලොව පැරණිම ක්‍රිකට් තරගාවලියක් වන අළුබදුන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසය වසර 141කට පමණ ඈතට දිව යන්නකි. ක්‍රි.ව. 1882දී ආරම්භ වූ අළුබඳුන ක්‍රිකට් තරගාවලිය දෙවසරකට වරක් ඕස්ට්‍රේලියාවේදී හෝ එංගලන්තයේ පැවැත්වේ.
පසුගිය වර අළුබඳුන තරගාවලිය 4-0 ලෙස ජයගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.අදින් ඇරඹෙන තරගාවලිය එළඹෙන ජූලි මස 27වැනිදා තෙක් පැවැත්වේ.

කවිඳු කාරියවසම්