ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංකා රග්බි සංගමය තහනමට ලක් වී ඇති බැවින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඔලිම්පික් ධජය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමිව ඇති අතර, ඔහු පවසා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර හොඳ තරගයක් ලබාදී පදක්කම් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මූලික වටයේදී තරග කිරීමට සිදුව ඇත්තේ ප්‍රබල දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සමගයි.