අම්පාර ඔලුවිල් වරාය ධීවර වරායක් ලෙස යළි සක්‍රීය කිරීම සඳහා තාක්ෂණික විසඳුමක් ලබාදීමට, ඊට අදාළ විද්වතුන් තුන් දෙනෙකුගෙන් යුතු කමිටුවක් ස්ථාපිත කර සති 2ක් තුළ වාර්තාවක් ලබාගැනීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය වි ඇත.

එම කමිටුව හමුවේ ධීවරයන් ඇතුළු අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාදීමේ අවස්ථාව උදාකිරීමටද මෙහිදී එකඟතාව ලැබි තිබේ.

2013 නිල වශයෙන් විවෘත කළ ඔලුවිල් වරාය, 2018 වසරේදී ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අතිහිටුවනු ලැබීය.

මේ වනවිට ධිවර අමාත්‍යංශයට භාර දී ඇති මෙම වරායේ කටයුතු අත්හිටුවීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ, වරාය පිවිසුමේ වැලි ගොඩගැසීම හා ඒවා හෑරුවද යළිත් වැලි පිරිමය.

වෙරළ ඛාදනයෙන් අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5කට අයත් කිලෝ මීටර් 22ක වෙරළ තීරය අහිමි වී ගොස් තිබේ.