2020 වසරේදී ඔස්කාර් සම්මාන දිනූ Parasite චිත්‍රපටයේ රඟපෑ දකුණු  කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇතැයි වාර්තා වනවා. 48 හැවිරිදි මෙම නළුවාගේ මළ සිරුර අද උදෑසන (26) සියෝල් නුවර පිහිටි උද්‍යානයක වාහන අංගනයක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබියදී සොයාගෙන ඇති අතර, සියදිවි නසාගැනීමේ සටහනක් නිවසේ තිබී හමුවී ඇති බව ඔහුගේ බිරිඳ විසින් පොලීසියට වාර්තා කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි Lee Sun-kyun නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ද චෝදනාවට ලක් වී තිබෙනවා. මෑත කාලීනව කොරියානු රජය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, නළුවන් ගායකයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී තිබුණා. කෙසේ වෙතත් මෙම මරණය හා එහි සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.