ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 05කින් යුත් විස්සයි-20 තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබේ. එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ සූර්යකුමාර් යාදව්ටයි. ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇත.

මෙම තරගාවලියේ අවසන් තරග දෙකේදී ෂ්රෙයාස් අයියර් උප නායකයා ලෙස සංචිතය සමග එක්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

දෙරට අතර පැවැත්වෙන තරග 05කින් යුත් විස්සයි-20 තරගාවලිය එළඹෙන 23වැනිදා විසාකාපට්නම්හිදී ආරම්භ වීමට නියමිත අතර, අවසන් විස්සයි-20යි තරගය එළඹෙන 03වැනිදා බැංගලූරුහීදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වී.වී.එස්. ලක්ෂ්මන් කටයුතු කරයි.

ඉන්දියානු සංචිතය : Suryakumar Yadav (Captain), Ruturaj Gaikwad (vice-captain), Ishan Kishan, Yashasvi Jaiswal, Tilak Varma, Rinku Singh, Jitesh Sharma (wk), Washington Sundar, Axar Patel, Shivam Dubey, Ravi Bishnoi, Arshdeep Singh, Prasidh Krishna, Avesh Khan, Mukesh Kumar, Shreyas Iyer (for last two T20Is)