ලෝක කුසලාන රග්බි තරගාවලියේ පෘතුගාලය සහ ෆීජී අතර පැවැති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට පෘතුගාලය සමත් විය. එම තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 24-23ක් වශයෙනි.

කෙසේ නමුත් තරගයේ ජය හිමි කර ගැනීමට ෆීජී කණ්ඩායම අසමත් වුවද ප්‍රසාද ලකුණක් එකතු කරගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වේල්සයට සහ ෆීජී කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැරගනීමට ඔවුනට සිදුවූ අතර, ඔස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ පළමු වැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.