එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 50ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 240ක්. එහි දී කේ.එල් රාහුල් ලකුණු 66ක්, විරාත් කෝලි ලකුණු 54ක් සහ රෝහිත් ශර්මා 47ක් රැස් කළහ.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 03ක් ජෝශ් හෙල්සවුඩ් සහ පැට් කමිංග්ස් කඩලු 02ක බැගින් දවාගත්තා.

අනතුරුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 241ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 137ක් සහ මානස් ලබුෂේන් ලකුණු 58ක් රැස් කළහ.