ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තරග 05කින් යුත් විස්සයි-20 තරගාවලිය අද ආරම්භ වේ.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 07.00ට විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකේම ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇත.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදව්ටද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය මැතිව් වේඩ්ටද හිමිව තිබේ.