ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තුන්වන විනිසුරු ලෙස කටයුතු කරන රිචඩ් ඉලින්ග්වර්ත් තරගය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රීඩාංගණයේ සෝපානයක සිරවීම හේතුවෙන් තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමට සිදු විය.

ඊ​යේ තරගයේ දිවා ආහාරයෙන් පසුව ක්‍රීඩකයන් නැවත පිටියට පැමිණියත් පිටියේ විනිසුරුවන් දෙදෙනා පන්දු යැවීමට ඉඩ ලබා නොදුන්නේ ඒ වනවිට ඉලින්ග්වර්ත් තෙවැනි විනිසුරු ස්ථානයේ නොසිටි නිසාවෙනි. අනතුරුව සිවුවැනි විනිසුරු ෆිල් ගිලෙස්පි තෙවැනි විනිසුරු අසුන වෙත ගොස් නැවත තරගය ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව ටික වේලාවකට පසු ඉලින්ග්වර්ත් නැවත තෙවැනි විනිසුරු අසුනේ අසුන් ගත් අතර ඔහු සමාවද ඉල්ලා සිටියේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාලනාධිකාරියද සමාව ඉල්ලා තිබුණි.