ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වීමට යොදා ගන්නා සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය පියවර ගෙන තිබේ.

පසුගිය 31දා සිට බලපැවැත්වෙන පරිදි මෙම නීතිය පනවා ඇත.

ඒ අනුව, මින් ඉදිරියට කිසිදු රටක පුද්ගලයකුට සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුව ද රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට අවස්ථාව හිමි නොවේ.

මීට පෙර අදාළ තානාපති කාර්යාලවලින් ‘විරෝධතාවක් නොමැති’ බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීමට ලබා දී තිබූ අවස්ථාවද මෙම තීරණය අනුව නතර කර තිබේ.

සංචාරක වීසා මඟින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයකුට ඕමානයේ රැකියාවක් හිමි වූයේ නම්, එරටින් පිටවී යළි රැකියා වීසා පතක් ලබා ගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතු ය.