ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසා ඇත.

පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බව එහි සභාපති තුෂාර රණදේව සඳහන් කර තිබේ.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඖෂධවේදී පුරප්පාඩු කඩිනමින් පියවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව ද වාර්තා වේ.