දුෂ්කරතා මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩ බලන මුදල් ඇමති  ශෙහාන් සේමසිංහ පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  සමඟ මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (22) පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

ත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමේ දුෂ්කරතා පැවතියද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමටත්, අමාත්‍යාංශ අතර නිරනන්තර සාකච්ඡා පවත්වමින් ගැටළු මඟහරවා ගැනීමටත් මෙහිදී එකඟතාවයකට එළඹි ඇත.

කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරන බව ද වැඩ බලන මුදල් ඇමතිවරයා පවසා තිබේ.