ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා නව කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF), මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

මේ පිළිබඳව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා අද (15) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මාස 8ක කාලයක් ගතවීමය.

මේ පුරුද්ද හේතුවෙන් නිතරම හදිසි ප්‍රසම්පාදන සඳහා යොමු වීම සිදුවන බව ද ඔහු අවධාරණය කර ඇත.