ඖෂධ හදිසි මිලදී ගැනීමේදී ලියාපදිංචි ආනයනකරුවන්ගෙන් පමණක් මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඖෂධ වල පවතින ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආනයනකරුවන්ට පමණක් ඖෂධ ආනයනයට අවසර ලබා දී ඇති බව සඳහන් වේ.

එමෙන්ම මේ වන විට ලියාපදිංචි ආනයනකරුවන් සීමිත සංඛ්‍යාවක් සිටින බව ද අමාත්‍යාංශය සඳහන් කර ඇත