ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600කින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇත.

කොළඹ අක්ෂි රෝහලේදී ප්‍රශ්නගත වූ ඖෂධයේ බැක්ටීරියා අන්තර්ගත වී ඇති බවට තහවුරු වී ඇති බව ද එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඊයේ (19) පවතී මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර ඇත.

“තත්ත්ව පරීක්ෂාව අසමත්වූ ඖෂධ අපේ සමහර ගබඩාවල අවුරුදු ගණන් ඉඳන් තිබෙනවා. මේක අමුතු දෙයක් නෙමෙයි. ඇස් රෝහලේ සංකූලතාවය විතරයි අපි හරියටම හඳුනාගෙන තියෙන්නේ. ඒ බෙහෙතේ බැක්ටීරියා තිබුණා කියන එක. ඒ සම්බන්ධයෙන් අපි දැන් ඉදිරි කටයුතු කරනවා. අනෙක් බෙහෙත් සියල්ලම අපි තාවකාලිකව තමයි නතර කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණ නිමාවෙන තුරු.”